දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ අනුව රටේම දරුවන් අනාරක්ෂිත තත්වයක පසුවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

“බණ්ඩාරගම ප්‍රදේශයෙන් කිලෝ 200කට ආසන්න මත්කුඩු විතරක් නෙවෙයි, අවි ආයුධත් ඒත් සමඟ අහු වුණා. කොහෙටද මේ මත්කුඩු යන්නෙ ? කවුද මේවා ගන්නෙ ? ඔබේ දරුවා නොවෙන්නට පුළුවන්ද ? ඔබ දන්නවද ඔබේ දරුවා ගන්නවද නැද්ද කියලා ?

පාසල් ඉදිරිපිට මොන තරම් වක්‍රාකාරයෙන් මේ වගේ ජාවාරම් කරනවද ? මම වගකීමෙන් කියන්නෙ, අපේ දරුවෝ කවුරුත් ආරක්ෂිත නෑ !

හැබැයි මේවගේ මුල හෙව්වොත් දේශපාලනඥයො සම්බන්ධයි, රජයේ කියන නිලධාරීන් සම්බන්ධයි, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධයි. එතකොට අපට අහන්න තියෙන්නෙ, වැටත් නියරත් ගොයම් කා නම් කාටද කියන්නෙ ? ජන ජීවිතය විනාශ කරන, සමාජය වළපල්ලට ඇදලා දාන වැඩකටයුතු කොච්චර මේ රටේ සිද්ධ වෙනවද ?” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

විදුර වික්‍රමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (31) කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More