චීනයේ වූහාන් නගරයේ සිට අද පෙරවරුවේ මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා සියළු පහසුකම් සහිතව දියතලාව යුද හමුදා කදවුරේ නවාතැන් සපයා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දිවයිනට පැමිණීමෙන් පසු ගුවන් හමුදා විශේෂ බලගනයක් මගින් ඔවුන්ව පූර්ව නිරෝධායනයට ලක් කර යුද හමුදාවට බාර දීමෙන් අනතුරුව දැඩි ආරක්ෂාව මධ්‍යයේ දියතලාව යුද හමුදා කදවුර වෙත යොමු කෙරිණි.
විශේෂයෙන් සකස්කල ගොඩනැගිලි දෙකක ඔවුන්ව සති දෙකක කාලයක් රදවා තැබීමට නියමිතය. මේ පිළිබදව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ ලබා දිය හැකි සියළු පහසුකම් ඔවුන් වෙත සපයා ඇති බවයි.
එම සිසුන් දියතලාවට රැගෙන ඒමට විරුද්ධව සහ එම කාර්යය අවඤාවට ලක් කරමින් අන්තවාදී, අවස්ථාවාදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් දක්වා තිබුණු අතර, ඒ පිළිබදව අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා සදහන් කළේ එම සිසුන් අපේ රටේ අපේ දරුවන් බවත්, ඔවුන් මේ රටතුළ කොහේ හෝ තැනක සුරක්ෂිතව තැබිය යුතු බවයි. ඒ සදහා පහසුකම් සැපයිය හැකි ඉතාමත් සුදුසු පියවර යුද හමුදාව විසින් ගෙන ඇති බවද හෙතෙම සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Thankyou Commander.
යූඑන්පී කුණු කුණු බක්කි කන ඔවුන්ට වෙන යහපත් දෙයක් මතක් වෙන්නේ නෑ ඔවුන්ට ජාතිය ගැන රට ගැන කැක්කුමක් නෑ හොඳ කරන හොද වැඩ නොදැක්කා වගේ මුඛයෙන් අසූචි පිට කරන මොවුන් ්‍රේතයන් වැනිය