එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය යම් මට්ටමකට විසඳී තිබුණද යෝජිත එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ජාතිකක සන්ධානයේ මහ ලේකම් ධූරය තම පාර්ශවය සතු කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව අතර ප්‍රබල තරඟයක් මතුවී තිබෙන බව එම දෙපාර්ශවයෙන්ම ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම නව සන්ධානයේ මහ ලේකම් ධූරය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට ලබාදෙන බව ප්‍රකාශ වි තිබුණද රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් ඊට විරෝධයක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයින් දෙදෙනෙකු ප්‍රකාශ කළේ මෙම නව සන්ධානයේ මහ ලේකම් ධූරයට පත්කරන පුද්ගලයාගේ නම අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිතාරී මණ්ඩලයේදි අනුමත විය යුතු බවයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙබරවාරි 6 වැනි දා යළි රැස්විමට නියමිතය.
සජිත් පාර්ශවයෙන් සන්ධානයේ මහ ලේකම් ධූරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීම වඩාත් සුදුසු බව යෝජනා වී තිබේ.
30 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා යෝජනා කළේ නව සන්ධානයේ මහ ලේකම් ධූරය අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුට හිමිවිය යුතු බවයි.
එම යොජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වූ අතර එහිදී බොහෝ දෙනෙකු පෙන්වා දුන්නේ නව සන්ධානයේ මහ ලේකම්වරයාට සියලු පාර්ශව සමඟ කටයුතු කිරීමේ හැකියාවද තිබිය යුතු බවයි. මෙම නව සන්ධානයේ මහ ලේකම් ධූරය සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂයට හිමිවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ අතර නව සන්ධානයේ මහ ලේකම් ධූරයට පත්කිරීම සඳහා තිදෙනෙකුගේ නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු වි තිබෙන බවටද වාර්තා වේ. ඒ නම් තුනටම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ කිසිවකු ඇතුලත් නොවන බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. කෙසේ නමුත් නව සන්ධානයේ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර අද හෙටම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...