දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ බලතල සහිතව ඇරඹූ කාර්ය සාධක බළකාය පවරන රාජකාරි පැහැර හරින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ සංස්ථාවල නිලධාරීන් ගැන තමන්ට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
මෙම බළකායේ අරමුණු මුදුන් පත් කිරීම උදෙසා දෙනු ලබන නියෝග, උපදෙස් පිළිපැදීම මෙන්ම සියලුම තොරතුරු හා සහාය ලබාදිය යුතු බව ජනාධිපතිවරයා සියලුම රජයේ නිලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තාවේ.
විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මෙම කාර්ය සාධක බළකායේ සභාපති වන අතර, මහාචාර්ය ආරියරත්න හේරත්, මහාචාර්ය ශිරන්ති හීන්කෙන්ද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. සිවකුමාර්, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍ය සංජීවනී හපුගොඩ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඇතුළු දොළොස් දෙනකු මෙම කාර්ය සාධක බළකායට ඇතුළත් කර ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, මාර්ග, ජල පහසුකම් සැලසීම, දේශීය සැපයුම්කරුවන් දිරි ගැන්වීම, බලයලත් වෙළෙඳ ජාලයක් ඇති කිරීම, සුළු පරිමාණ ව්‍යාපාර නැංවීම හා අරමුදල් සැපයීම මෙමගින් සිදු කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...