දේශීය පුවත්

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ශ්වයන් දෙකකින්ම විවිධ පණිවුඩ ලැබෙමින් පවතින බවක් දැනගන්නට තිබේ. ඒ, ඉදිරි මහමැතිවරණයේදී සන්ධානයක් සඳහා ලෙස තරග වැදීමට පැමිණෙන ලෙසට ආරාධනා කරමිනි. එම ආරාධනාව එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙනුත් එකවර ලැබෙමින් තිබීම විශේෂ සිදුවීමකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනටමත් ජවිපෙ කිසියම් තීන්දුවක් ගෙන ඇති බවත් ආරංචිය. ඒ රනිල්ගේ නායකත්වයෙන් බිහිකරන නව සන්ධානයකට එකතු වනවා තියා ඒ සම්බන්ධයෙන් අවම වශයෙන් සාකච්ඡාවක් හෝ නොපැවැත්වීමටය. නමුත් සජිත්ගේ පාර්ශ්වයෙන් ලැබෙන යෝජනාව එකවර ප්‍රතික්‍ෂේප නොකොට එය සාකච්ඡා සඳහා විවෘතව තැබීමටද මේ වන විට ජවිපෙ තීරණය කොට ඇති බව පැවැසේ.

මේ ආකාරයට එජාපයේ අලුත් සන්ධානයට ජවිපෙ එක්කර ගැනීම සම්බන්ධයෙන් එජාපය තුළ මත 2ක් මතුව ඇති බවක්ද දැනගන්නට ඇත. එහිදී ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී ඇත්තේ ජවිපෙ සමඟ එජාපය සන්ධානගත වුවහොත් 2004දී ශ්‍රිලනිපයට මුහුණ දුන් සිදුවීමටම එජාපයටද මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය. එවර ජවිපෙ ශ්‍රීලනිපය සමඟ සන්ධානගතව තරග වැදුණු අතර, සැම දිස්ත්‍රික්කයම ජවිපෙ නියෝජිතයන් මනාප ලැයිස්තුවේ ඉහළටම රැගෙන ඒමට ශ්‍රිලනිප සාමාජිකයන් පියවර ගෙන තිබිණි. මේ නිසාම වාර්තාවක් තබමින් ජවිපෙ මන්ත්‍රිවරුන් 35 දෙනකු එවර පාර්ලිමේන්තුවටද තේරී පත්විය. ඒ නිසා එජාප ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජවිපෙට දැනටමත් විරෝධය පළකොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More