දේශීය පුවත්

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් මහතා අද (3) උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියේය.

ජනරාල්වරයා සමඟ තවත් උසස් හමුදා ප්‍රධානීන් සිව් දෙනෙකු පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම පිරිස අද (3) උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණියේය.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් රැසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ජෙනරාල් ඔලෙග් සල්‍ යුකෝව් මහතා හෙට (4) පැවැත්වෙන 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතය.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More