දේශීය පුවත්

“ගෝ‍ඨාභය ජනපති – සජිත් අගමැති” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ගෙනයන සටන් පාඨය නිවට බියගුළු කතාවක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයට එවන් දේශපාලන ගමනක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

“ඒක මහ නිවට බියගුළු කතාවක්. ගෝඨාභය එක්ක අපට දේශපාලනයක් නෑ. මං හිතන්නෙ ඒ කට්ටිය හිතනවා ගෝඨාභයගෙයි මහින්ද රාජපක්ෂගෙයි අතර ප්‍රශ්න ඇති කියලා. නමුත් ඒකෙන් අදහස් කරන්නෙ නෑ අපට ශක්තියක් නෑ, අපට කොන්දක් පණ නෑ අපේ රජයක් පිහිටුවන්න, අපි ගිහින් ගෝඨාභය එක්ක රැල්ලට යන්න ඕනෙ කියලා. අපි එක මිනිහෙක් එක්ක ඔහොම රැල්ලට ගියානෙ, පොලොන්නරුවෙන් ගෙනල්ලා ?” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් ඇතැම් පොරොන්දු ඉටු කරන්නේ නම් හොඳයැයි එක්සත් ජාතික පක්ෂය පවසන නමුත් ඒවා මෙරටදී සිදු කළ නොහැකි බවත් ඒවා ඉටු කරන්නේ නම් ඒ මහතාට නිතරගයෙන්ම රටත් සමඟ ඉදිරියට යාමට අවස්ථාව ලබාදෙන බවත් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) රූපවාහිනී ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More