Uncategorized

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයකු ලෙස පත් කිරීමට පමණක් නොව ඒ මහතාට ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට ද එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා නව පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මීට මුල පටන්ම සිය දැඩි විරෝධය පළ කර තිබිණි.

එසේම, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද ඊයේ (02) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ නව සන්ධානයට මෛත්‍රීපාල සිරිසේන මහතාව සම්බන්ධ කරගැනීම පිළිබඳව පොහොට්ටුවේ විශාල පිරිසක් විරෝධය පළ කර ඇති බවකි.

මේ අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටළු ගණනාවක් ඇතිකිරීමට මූලික වූ පුද්ගලයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ප්‍රචාරණ ව්‍යාපාරයක නිරත වීම තමන්ට දැඩි ලෙස අවාසි සහහත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරික දේශපාලනඥයින් ගණනාවක්ම පක්ෂ නායකත්වය වෙත පෙන්වා දී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට වසරක් පිරෙන කාලය ආසන්නයේදී මහමැතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් එම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකළ බවට දැඩි චෝදනා එල්ල වී ඇති එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවක හිඳගැනීම යනු තම පක්ෂයට දරුණු හානියක් ගෙනදෙන්නක් බවත් ඔවුන් විසින් අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ජනාධිපතිවරණයට පෙර අත්සන් තබන ලද නීත්‍යානුකූල ගිවිසුමක් ද පවතින නිසා තත්වය බෙහෙවින් සංකීර්ණ වනු ඇති බවට බොහෝ දේශපාලන විචාරකයෝ මත පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More