හෙට දිනට යෙදී ඇති ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ගාම්භීරත්වය සහ රටේ ස්වෛරීත්වය ප්‍රදර්ශනය වන පරිදි විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ නිදහස් සැමරුමට සම්බන්ධ වන කිසිඳු රණවිරුවකුට හෝ වෙනත් පාර්ශ්වයකට ශාරීරික හෝ මානසික අපහසුවක් නොවන පරිදි අදාළ සැමරුම් සිදුකිරීමට උපදෙස් ලබා දී තිබීමයි.
එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ නිදහස් සැමරුම් උත්සවවල මෙතෙක් පැවති ඇතැම් අංග ඉවත් කරන ලෙසයි.
විශේෂයෙන්ම නිදහස් දින සැමරුම් සඳහා ආබාධිත හමුදා සෙබළුන් යොදා නොගන්නා ලෙස ද උපදෙස් ලබා දී තිබේ.
එයට හේතු වශයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ආබාධිත රණවිරුවන් එවන් පෙළපාලිවලට යොදා ගැනීම හරහා අදාළ සෙබළුන්ට දැඩි කායික හා මානසික පීඩා ඇති වන බවයි.
ඒ අනුව මෙවර නිදහස් දින සැමරුම්වලින් ආබාධිත රණවිරුවන් ඉවත් කර ඇති අතර, තවත් අනවශ්‍ය අංග කිහිපයක්ම ඉවත් කිරීමටත්, කාලක උපරිමාකාරයෙන් කළමනාකරණය කිරීමක්ද සිදුකොට ඇති බවද දැනගන්නට ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...