72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හෙට පෙරවරු 8.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇත.
ඒ ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශුයේ හෙට පැවැත්වීමට සියලු කටයුතු මේවනවිටත් සුදානම්.
මේ වනවිට එහි පුහුණුවීම් කටයුතු සිදු කෙරෙමින් පවතියි.
මෙවර නිදහස් දින සැමරුම් උළෙල සඳහා ආරාධිත අමුත්තන් 2,500 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතයි.
අභිමානවත් ති‍්‍රවිධ හමුදා උත්තමාචාර පෙළපාලියකින් හා විචිත‍්‍රවත් සංස්කෘතික අංගවලින් එය අලංකාර වනු ඇති.
ති‍්‍රවිධ හමුදා පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 ක් ද නාවික හමුදා භටයින් 868 ක් ද ගුවන් හමුදා භටයින් 815 ක් ද සහභාගිවීමට නියමිතයි.
පොලිස් නිලධාරීන් 1,382 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගි වනු ඇති.
සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 515 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 355 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගිවීමට නියමිතයි.
මේ අතර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණුවීම් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පුද්ගලික සහ ජාත්‍යන්තර පාසල් 15ක් අද දිනය තුළ ද වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ ඩී.එස් සේනානායක, රාජකීය, තර්ස්ටන්, යශෝධරා, මියුසියස්, සෙන්ට් බ්‍රිජට්ස් සහ කාන්තා විද්‍යාලය වසා දමා ඇත.
එමෙන්ම පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවතැන් පහසුකම් ලබාදී ඇති මහනාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය ද පසුගිය 31 වනදා සිට වසා දමා තිබුණි.
මීට අමතරව කොළඹ 12 මිහිඳු මහා විද්‍යාලය, කොළඹ 10 අල් හිදායා විද්‍යාලය සහ අශෝක විද්‍යාලයටද නිවාඩු ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
නිවාඩු ලබා දීම වෙනුවට වෙනත් දිනයන් ලබා දෙන ලෙස එම අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.
මේ අතර කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ග කිහිපයක රථ වාහන ධාවනය හෙට සීමා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මේට්ලන් පෙදෙස, මේට්ලන් ක්‍රසන්ට්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර, හෝර්ටන් වට රවුම දක්වා කොටසේ අදාළ කාලය තුළ ගමනාගමනය හෙට අලුයම 4.00සිට දහවල් 01.00 දක්වා සීමා කිරීමට නියමිතයි.
මේ අතර හෙටට යෙදෙන 72 ජාතික නිදහස් දින සැමරුම නිමිත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රටට සෙත් පතා නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි සර්වරාත්‍රික පිරිත් දේශණයක් ඊයේ රාත්‍රියේ සිදු කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...