කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ ආරාධනය අනුව ඕවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක් වූහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවෝ, ඉංජිනේරුවෝ හා කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක් වූහ.
මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළහ. ඔවුන් ගත් අවදානම ශ්‍රීලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බව එතුමා සඳහන් කළේය.
ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමග සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...