මෙරට සිටින චීන ජාතිකයන් සම්බන්ධයෙන් එදිරිවාදී පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස රජය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට චීන ජාතිකයින් දසදහසකට ආසන්න පිරිසක් නේවාසික වීසා ලබාගෙන මෙරටට පැමිණ සිටියි.
ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමිකයන් වශයෙන් මෙන්ම සංචාරකයන් වශයෙන්ද චීන ජාතිකයන් විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් මෙරටට පැමිණෙමින් සිටියි.
ආගමන විගමන පාලක පසන් රත්නායක මහතා පැවසුවේ චීන ජාතිකයින් 10,000 ක්කට ආසන්න පිරිසක් නේවාසික වීසා ලබාගෙන ඇති අතර ඉන් 4251 දෙනකු මේවනවිටත් මෙරට රැඳී සිටින බවයි.
ඊට අමතරව සංචාරක කටයුතු සඳහා පැමිණි චීන ජාතිකයින් 5630 දෙනකුද මේ වනවිට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බව වාර්තා වෙයි.
මේ අතර මෙරට සිටින චීන ජාතිකයන් සම්බන්ධයෙන් එදිරිවාදී පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස රජය ඉල්ලා සිටියි.
මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල සේවයේ නිරත සහ මෙරට වෙනත් වෘත්තින්හි යෙදී සිටින චීන ජාතිකයන් පිළිබඳ සහ චීන සංචාරකයන් සම්බන්ධයෙන් මෙරට චීන තානාපතිවරයා අද දෙරණ සමඟ අද පැවති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...