සහල් මිල අධික ලෙස ඉහළ යමින් තිබෙන පසුබිමක් තුළ කොළඹ ලේක්හවුස් ආයතනය අසළ පිහිටි සතොස ගබාඩාවේ සහල් විශාල ප්‍රමාණයක් සත්ව ආහාරවලට හෝ ලබා දීමට සුදුසු නැති බව දන්වා වළ දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් මත සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ද එම ගබඩාව පරීක්ෂා කර තිබේ.
මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ වී වලින් රට ස්වයංපෝෂිතව තිබියදී සතොස ආයතනය විදේශ රටවලින් සහල් ගෙන්වා ගබඩා තුළ තබාගෙන පසුව ඉවත දමන බවයි.
පසුගිය ආණ්ඩු සමයේදී හෝ ඊට පෙර මෙම සහල් තොගය ගෙන්වා තිබෙන බවත්, මෙම සහල් තොගයෙන් සහල් කිලෝ නවදහසක් සම්පූර්ණයෙන් ඉවත දැමීමටත්, කිලෝ දසදහසක් සත්ව ආහාරවලට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සතොස සහල් ගබඩාවල සහල් තොග විනාශ කිරීම පිළිබදව ලැබුන තොරතුරක් මත කොළඹ CMC පාරේ පිහිටි සතොස තොග ගබඩා සංකීර්ණය පරික්ෂා කිරීම… මේ අවස්ථාවට ජවිපෙ නාගරික මන්ත්‍රී ඒ වී සුරවීර සහෝදරයාද සහභාගි විය.
Gepostet von Namal Karunarathne am Montag, 3. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...