2 වැනි නිදහස් දින සමරුම අද (4දා) උදේ කොළඹ ටොරින්ටන්හි නිදහස් චතුරස‍්‍ර භූමියේදී මහත් අභිමානයෙන් යුක්තව පැවැත්වේ.
ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම නිදහස් දින උත්සවය සමරුමේ ආචාර පෙළපාලියට යුද හමුදාවේ 4325 ක්, නාවික හමුදාවේ 868 ක්, ගුවන් හමුදාවේ 815 ක් සහ පොලිසියේ 1382 ක් සහභාගි වෙති.
මේ හැර සිවිල් ආරක්‍ෂක බළකායේ 515 ක් සහ ජාතික කැඩෙට් බළකායේ 355 ක්ද එක්වෙති.
72 වැනි නිදහස් සමරුව සඳහා අමුත්තන් 2000 කට ඇරයුම් කර ඇත.
නිදහස් දින සැමරුමේ සංස්කෘතික අංගවලට 450 ක් සහභාගි වෙති.
මෙම නිදහස් දින සමරු උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව මුහුණු ආවරණය පැළඳිය යුතු බවට නියෝගයක් කර නැත.
නිදහස් දින සැමරුම සඳහා වැයවන අධික මුදල නිසා අංග රැසක් අඩුකර තිබේ.
▸72 වන ජාතික නිදහස් දින සැමරුම, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සජීවීව▸LIVE: 72nd Independence Day celebrations at Independence Square, Colombo
Gepostet von Ada Derana LIVE am Montag, 3. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...