Notice Board

72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද පෙරවරු 8.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇත.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙවර නිදහස් දින සැමරුම් උළෙල සඳහා ආරාධිත අමුත්තන් 2,500 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතයි.

අභිමානවත් ති‍්‍රවිධ හමුදා උත්තමාචාර පෙළපාලියකින් හා විචිත‍්‍රවත් සංස්කෘතික අංගවලින් එය අලංකාර වනු ඇති.

ති‍්‍රවිධ හමුදා පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 ක් ද නාවික හමුදා භටයින් 868 ක් ද ගුවන් හමුදා භටයින් 815 ක් ද සහභාගිවීමට නියමිතයි.

පොලිස් නිලධාරීන් 1,382 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගි වනු ඇති.

සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 515 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 355 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගිවීමට නියමිතයි.

72 වන ජාතික නිදහස් දින සැමරුම ???? 72 Independence Day of Sri Lanka.72 வது தேசிய சுதந்திர தின கொண்டாட்டம்.#NationalDay #SriLanka #Rupavahini

Gepostet von ජාතික රූපවාහිනිය – Sri Lanka Rupavahini (TV) Corporation am Montag, 3. Februar 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More