දේශීය පුවත්

නව සන්ධානයේ තනතුරු සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු යෝජනා වුවහොත් එම නම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සම්මත විය යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ මහලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (3 වැනිදා) ප්‍රකාශ කළේය.

එහෙත් මහලේකම් ධුරයට රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීමට යෝජනා කරන්නේ නම් එම යෝජනාවද කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත විය යුතු බව පක්ෂ නායකත්වය ප්‍රකාශ කර ඇත. මහලේකම් ධුරය සඳහා පත් නොකළ යුතු දේශපාලනඥයන් හයදෙනකුගේ නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකර තිබුණි. එම ලේඛනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ නමද තිබූ බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More