දේශීය පුවත්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීමට යන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නීතිය හා සාමය අමාත්‍යංශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට දුරකථනයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගෙන් යම්කිසි විමසීමක් සිදුකොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අධිනීතීඥවරයෙකු වශයෙන්ද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ක්‍රියාකරන අතර පාර්ලිමේන්තුවේ සභානායක වශයෙනුත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සුවිශේෂි කාර්ය බාරයක් සිදුකරන නිසා නීතිය හා සාමය අමාත්‍යධුරයට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තම ප්‍රතිචාරය මේ දක්වා ප්‍රකාශකර නොමැති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More