දේශීය පුවත්

දිවයින පුරා පිහිටි ඩීසල් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් ලබාදී තිබියදී පෙරේදා (03 වැනිදා) විදුලිය කප්පාදු කිරීම කුමන්ත්‍රණයක් දැයි සොයා බැලීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අභ්‍යන්තර විමර්ශනයක් ඊයේ (04 වැනිදා) අරඹා ඇත.

විදුලි බල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීරට හෝ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට හෝ මහජනතාවට නොදන්වා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුව සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් විදුලි බලාගාරවලට අවශ්‍ය තරම් ඉන්ධන තොග ලබාදී ඇති බවත්, හිඟයක් ඇතිවූයේ නම් පැය තුනක් (03) වැනි කාලයක් තුළ ඉන්ධන සැපයීමට හැකියාව තිබූ බව සංස්ථාව අමාත්‍යංශයට දැනුම් දී ඇත.

එහෙත් එවැනි ගැටලුවක් පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය සංස්ථාව දැනුවත් කර නොමැත.

විෂය භාර ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (04 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සාකච්ඡාවට විදුලි බලමණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීහු එක්ව සිටියහ.

කෙසේ වෙතත්, මෙම විදුලි කප්පාදුව අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පෙරේදා (03 වැනිදා) පස්වරුවේම නතර විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More