එයාර් බස් මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ සහ ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකට දැනුම් දුන්නේය.
එමෙන්ම මෙම විමර්ශන අතරතුර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා රටින් පිටවීමට ඉඩ ඇති බැවින් ඔවුන්ට රටින් පිටවීම තහනම් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රටින් පිටවීම තහනම් කරමින් මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.
හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත් අංක ඔස්සේ බැංකු ගිණුම් පිළිබඳව පරීක්ෂණ කටයුතු අරඹා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වා සිටියේය. ප්‍රංශයේ එයාර් බස් එස්.ඒ.එස්. සමාගම සමග 2013 වසරේ මැයි 13 වැනිදා එළැඹි ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා ගුවන් සේවයට ඒ-330-900 ගුවන් යානා හතරක්,ඒ 330-300 ගුවන් යානා හයක් මිලදී ගැනීමේදී ඉහත සමාගමේ මව් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගත් බවටද, මුදල් විශුද්ධිකරණය කළ බවටද විමර්ශන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ඉහතදී අධිකරණයට ඉදිරිපත් කර තිබී ඇත.
ශ්‍රී ලංකා ගුවන් සේවයට ගුවන් යානා දහයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවී ඇති වංචාවට අදාළව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධානියා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...