ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උළෙලේදී ලාංකිකයන්ට නුහුරු දසුනක් දැක ගන්නට ලැබිණි. ඒ මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට හමුදා පදක්කම් පළදින ලද ජනාධිපතිවරයෙකු නිදහස් දින උත්සවයට පැමිණීමය. මේ වන විට 3% ක කණ්ඩායමක් සහ ඊට එකතු වූ තවත් සම-හරක් පිරිස් මඩ අවලාද මුහුණු පොත හරහා පතුරුවනු දක්නට ලැබිණි මේ සටහන් ඒ වෙනුවෙන් මෙන්ම ජනධිපතිතුමන්ට ගෞරවයක් වශයෙනි.
සම- හරක් එල්ල කරනු ලබන චෝදනා 2කකි .
1. සාමාන්‍ය ඇදුමකට පදක්කම් එල්ලගෙන පැමිණීම.
2. ඉඩි අමීන්ට මෙන් පදක්කම් පිස්සුවක් ඇතය කීම.
හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම නිලධාරියෙකුට නිළ ඇදුමට පදක්කම් පැලදීමට නොහැකි බව අප පිළිගත යුතුය .නමුත් ඔවුන් ලබා ගත් පදක්කම් ඔවුන් සතු අයිතියක් මෙන්ම අභිමානයකි .එබැවින් ජාතික හා රාජ්‍ය උත්සව වලදී මෙන්ම .හමුදාවේ විශේෂ අවස්ථා වලට සහබාගි වීමේදී .ඔවුන් තමන් ඇද සිටින සිවිල් ඇදුමට පදක්කම් පැළදීම සාමාන්‍ය සිරිතක් මෙන්ම එය ඔවුන්ට අභිමානයකි .. ඒ සදහා උදාහරණ මා මෙයට එක් කොට ඈත ලෝකයේ රාජකීය පවුල් වල අය මෙන්ම ලෝක යුද්ධ වලට සහභාගී වූ සාමජිකයන් මෙසේ තම ඇදුමට පදක්කම් පැලදීම සිදු කරනු ලැබේ.
ජනාධිපතිතුමන්ට ඉඩි අමීන්ට මෙන් පදක්කම් පිස්සුවක් තිබේද? ඉඩි අමීන්ට ඇත්තේ ඔහු විසින් ඔහුටම පලදවා ගන්නා ලද පදක්කම් බව ළදරුවන් තේරුම් ගත යුතුය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට හැකිවිය ඒ අතර රණ වික්‍රම පදක්කම,රණ ශූර පදක්කම,විශිෂ්ඨ සේවා විභූෂණය යන පදක්කම් ඇතුලත් වේ .එම පදක්කම් හිමි වන්නේ කුමන කරුණු මතද යන්න මා පහත දක්වා තිබේ.
(රණ වික්‍රම පදක්කම – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූද, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලික හෝ සාමූහිකව කරන ලද වීර ක්‍රියාවන් අරබයා, මෙම ප්රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, සියලුම පුද්ගලයන්ට මෙම පදක්කම ප්රදානය කළ යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘ආර්ඩබ්ලිව්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.
රණ ශූර පදක්කම – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූද, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම ප්රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, සියලුම පුද්ගලයන් වෙත මෙම පදක්කම ප්රදානය කළ යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘ආර්එස්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.) ….මුලාශ්‍ර –ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙබ් අඩවිය –
ලෙය දහදිය හෙලා කැප කිරීම් මත තම පපුව මත රැදවෙන එම පදක්කම් රණවිරුවෙකුගේ හිමිකමකි .අප ගැරහීම නොව අපගේ රාජ්‍ය නායකයා දර සිටින අභිමානය පිලිබදව සතුටු විය යුතුය.කුහකයන් කීප දෙනෙකු හැර අද සෑම රණවිරුවෙකුම නිහඩව තම ජෙය්ෂ්ට නිලධාරියෙකුට සම්මාන පුද කිරීමට ලැබීම පිලිබදව ආඩම්බර වනු ඇත.
-රන්දුනු විදුල සොයිසා –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...