දකුණු ලන්ඩනයේදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයකු බව විදෙස් මාධ්‍ය හෙළි කරයි.
ඉකුත් දෙවැනි දා වූ මෙම සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුදේශ් අම්මාන් නමැත්තෙකු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට වූ චෝදනා මත ඔහු 2008 වසරේ එරටදී අත්අඩංගුවට ගෙන ඇති අතර සිර භාරයෙන් නිදහස් වීමෙන් අනතුරුව ඔහු දකුණු ලන්ඩනයේ පිහිටි රැඳවුම් නිවෙසක ජීවත් වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දැනට වසර කිහිපයක සිට තම පුතා අන්තර්ජාලය ඔස්සේ විකාශය වූ ආගමික වැඩසටහන් නරඹා දැඩි මූලධර්මවාදියකු වූ බව ඔහුගේ මව එංගලන්ත මාධ්‍ය වෙත පවසා ඇත.
එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණේ සුදේශ්ගේ මව සහ පියා ශ්‍රී ලාංකිකයන් වන බවත් ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...