ව්‍යාපාරික පුවත්

යාල වනෝද්‍යායට ඇතුළු වීමේ දී විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේ අද(05) දිනයේ සිට අන්තර් ජාලය ඔස්සේ මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි.

දෙස් විදෙස් සංචාරකයින් යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ දී සිදු වන අධික තදබදය අවම කිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ හැකියාව පවතින බව එම්.ජී.සී සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේය.

එමෙන්ම ලබා ගත් විද්‍යුත් බලපත්‍රය අදාළ ජාතික උද්‍යානයේ පිවිසුම් දොරටුවේ දී එහි වලංගුතාවය පරීක්ෂා කිරීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් භාවිතා කරන බවත් ඒ මහතා පැවසීය.

ඉන්පසුව අදාළ බලපත්‍රලාභියාට උද්‍යානය තුළට ඇතුළු විය හැකි බවත්, මේ තුළින් උද්‍යාන තුළට ඇතුළු වීමට ඇති තදබදය අවම කිරීමට හැකි වෙනු ඇතැයි ද කියා සිටියේය.

එමෙන්ම නරඹන්නන් සඳහා ටිකට් පත් මිල දී ගැනීමට ගත වන කාලය අවම කිරීමෙන් උද්‍යානය තුළ ගත කිරීමට ඇති කාලය වැඩි කිරීම ද මේ තුළින් බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More