විදේශ මුදල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිස් වසමේ තාරපුරම් හංදියේ යුද හමුදා මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(04) දහවල් 12.45 ට පමණ පොලිස් නිලධාරීන් සමඟ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී යතුරුපැදියක් පරීක්ෂා කර එහි සීට් එක යට සඟවා තිබු ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 706ක පාර්සලයක් මෙලෙස සොයා ගෙන තිබේ.
මෙම විදේශ මුදල් නෝට්ටු ලැබුණ ආකාරය පිළිබඳ නිසි තොරතුරක් යතුරුපැදිකරුට පැවසීමට නොහැකි වී ඇති අතර, එය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදල් ද යන්න සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 ක් වු තලෛමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී එම ස්ථානයට පැමිණි අයෙක් මේ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු වයස අවුරුදු 38 ක් වු පල්ලිමුන, නැගෙනහිර, මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවස ද මේ ආසන්නයේ පවතින බවත් ඊයේ දිනයේ බදියුදීන් මහතා සිය නිවසේ සිට ඇති බවත් අප වෙත අදහස් දක්වමින් නම සදහන් කිරීමට අකමැති එම ප්‍රෙද්ශයේ පුද්ගලයෙකු ලංකා ලීඩ් නිව්ස් වෙත පවසා සිටියේය.
මෙම ස්ථානයේ හමුදා මුරපොළක් පිහිටුවීමට තිිබියදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උවමනාව මත පොලිස් මුර පොළක් ස්නාපිත කර ඇති බවත් එහි සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් ඇමතිවරයා ලඟ සේවය කළ නිලධාරීන් බවද වාර්තාවේ.
සැකකරුවන් අද(05) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...