දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමිව එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී නිදහස් දින සැමරුම් උත්සවයක් (04) දින පවත්වා තිබේ. මේ සදහා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම මහා බ්‍රිතානයේ වාසය කරන LTTE කොටි ඩයස් පෝරාවට හිතවත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මේ සදහා සහභාගිවී ඇත.

එලෙසම බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් පිටත LTTE කොටි ඩයස් පෝරාවේ සාමාජිකයන් විසින් සුපුරුදු පරිදි ඔවුන්ගේ විරෝධතා ව්පා‍යාරයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට හා නිදහස් දින සැමරුමට එරෙහිව පවත්වා ඇත.

මෙහිදී විරෝධතාකරුවන් විසින් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ වැසියන්ට කළු දිනයක් බවත්, යුධ අපරාධවලට ශ්‍රී ලංකා රජය වග කිවයුතු බවත් එසේම පසුගිය නිදහස් දිනක ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් සිදුකලා යයි කියන තර්ජනය කිරීම් වලට විරෝධය දැක්වීම මුලික කරගෙන ඇත.

මෙවර විරෝධතා සදහා පැමිණි උත්ගොෂකයන් බ්‍රිතාන්‍යය තුල තහනම් කොට ඇති LTTE කොඩි රැගෙන පැමිණ ඇති අතර ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ උත්ගොෂකයන්ගේ පැමිණීමේ අඩු වීමක් පෙන්නුම් කළ බවද වාර්තාවේ. එසේම මෙලෙස පැමිණි බොහෝ දෙනා බ්‍රිතාන්‍යය තුල දේශපාලන රැකවරණ සදහා අයදුම්පත් දමා ඇති පිරිස් බව සදහන්.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More