ශ්රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකන් ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ පි‍්‍රයංකා නියෝමාලී විජේනායක යන අය සිය පදිංචි නිවාස අතහැර පලාගොස් ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වලින් හෙළිවී ඇත.
මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් දින තුනක් තිස්සේ සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කළද මොවුන් පදිංචි ස්ථාන අතහැර පලාගොස් සැඟවී සිටින බව හෙළිවී ඇත.
කොළඹ කුරුඳුවත්ත පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි මෙම සැකකාර යුවල පදිංචි නිවස සහ තවත් ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථාන කීපයක්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි පරීක්‍ෂාවට ලක්වුවද ඔවුන් එම ස්ථානවල සිට නැත.
මේ අතර මෙම සැකකාර යුවල රටින් පලා යෑම වළක්වාලීම සඳහා ගුවන් තොටුපළවල් සහ වරායවල් දැනුවත් කර ඇති කර ඉදිරි දින කීපයේ මොවුන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකන් ඩොලර් ලක්‍ෂ විස්සක අල්ලස් මුදලක් ලබා ගත්බවට චෝදනා එල්ල වී සිටි එම ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...