ව්‍යාපාරික පුවත්

ආණ්ඩුව විසින් දෙසැම්බර් මාසයේදී වැය කරන ලද රුපියල් කෝටි දෙදහස් හත්සිය තිස්හයකට අධික අමතර මුදල වෙනුවෙන් ඊයේ (05 වැනිදා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබීය.

විශ‍්‍රාම වැටුප් සඳහා රුපියල් කෝටි 708 ක්, කල්බදු ක‍්‍රමයට ලබාගෙන ඇති වාහනවල කුලී සඳහා කෝටි 06 ක් අමතර මුදල් වශයෙන් එම මාසයේදී වැය කර ඇත.

ඊට අමතරව ආචාර්ය නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් කටයුතු සඳහා අතිරේකව ගෙවා ඇති රුපියල් කෝටි 08 ක්, මහපොළ ශිෂ්‍යාධාර වෙනුවෙන් රුපියල් කෝටි 16 ක්, වෛෙද්‍ය නිලධාරීන්, හෙදියන් සහ අතුරු වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වෙනුවෙන් රුපියල් කෝටි 520 ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විදුලි බලය, ජලය, ආරක්‍ෂාව, පිරිසිදු කිරීම ආදිය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක මුදලක් ද අනුමත කර දෙන ලෙස ඉහත පරිපූරකය මගින් ඉල්ලා තිබිණි.

ඒ අනුව එම පරිපූරකයෙන් ඉල්ලා තිබූ මුළු මුදල රුපියල් දෙදහස් හත්සිය තිස්හයකෝටි හතළිස්හතර ලක්‍ෂයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More