බන්ධනාගාර ගතව සිටි තවත් රැදවියන් 05 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.
72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙම සමාව ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව අදාල අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වෙයි.
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් 05 දෙනෙකු සඳහා මෙලෙස ජනාධිපති සමාව ලබා දී තිබේ.
ඒ අනුව මෙවර නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 517 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...