අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔවුන් දෙදනා පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
=======================================
කපිල චන්ද්‍රසේන – බිරිඳ අත්අඩංගුවට
ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
මොවුන් අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධ සිදුකරන පරීක්ෂණ සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 3 වැනිදා මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනාවට ලක්වූ මොවුනට එරෙහිව වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...