ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිවම පක්ෂයක් ලෙස තරග කළ යුතු බවට වූ යෝජනාවක් එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් ප්‍රබලව ඉදිරිපත් කර තිබේ.
පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග වූ සාකච්ඡාවකදී මෙම තීරණාත්මක යෝජනාව ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.
ඔවුන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සහෝදර පක්ෂ වෙන් වෙන්ව තරග කිරීම මගින් මහමැතිවරණයේදී වැඩි ආසන ප‍්‍රමාණයක් දිනාගෙන මැතිවරණයෙන් පසුව 2/3 බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩි අවස්ථාවක් ඇති බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශිප පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය. ඩග්ලස් දේවානන්ද, අතවුල්ලා ඇතුළු මහත්වරුන්ගේ පක්ෂ වෙන වෙනම තරග කිරීම මගින් ඔවුන් ලබාගන්නා ආසන ප්‍රමාණය එක් කර ගනිමින් ඉදිරි මැතිවරණයෙන් පසු බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම මේ වන විට ඇතිවී තිබෙන දැඩි ඉල්ලුම මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දැඩි අර්බුදය මෙමගින් සමනය වනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇති ද වාර්තාවේ.
එහෙත් වෙනම තරග කළහොත් පිවිතුරු හෙළ උරුමය සහ නිදහස් පක්ෂයට දැඩි අර්බුධයක් ඇති වන බව තවත් පාර්ශ්වයක් පෙන්වා දෙනවා දී ඇත.
දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට ඇතිවී තිබෙන තත්වය මත නාමයෝජනා ලැයිස්තුවෙන් 50% ක් ලබා ගැනීමට ඇති හැකියාව ද අවම වෙමින් ඇති බව ඔවුන්ගේ අදහසයි.
මෙම ඉල්ලීම ඔවුන් දැඩිව ඉල්ලා ඇති අතර හිටපු අමාත්‍ය සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊට සෘජුව වචනයක් ප්‍රකාශ කර නැත. කෙසේ නමුත් අදාල ජේෂ්ඨයන් පිරිස දැඩිව අවධාරණය කළ ඇත්තේ මේ වන විට එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන විපක්ෂය දැඩිව දුර්වල වී බෙදී වෙන්වී සිටින අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ වෙන වෙනම තරග කරීම නිසා විශාල වාසියක් අත්කර ගත හැකි බවය.
විශේෂයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමට අකමැති සුළු ජාතික ඡන්දදායකයන්ටද මෙය වාසියක් කරගත හැකි බවත් තොණ්ඩමන්, අතාවුල්ලා ඩග්ලස් දේවානන්ද ආදී සුළු ජාතික පක්‍ෂ නියෝජිතයන්ගේ පක්ෂ වෙනම තරග කිරීම හරහා ඔවුන්ට අනන්‍ය ඡන්ද පදනම මගින් ආසන දිනා ගත හැකි වනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී ඇත.
කෙසේ නමුත් මෙම අදහස් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඉතා නුදුරේදීම සහෝදර පක්‍ෂ නායකයන් මෙන්ම පොදුජන පෙරමුණ නායක අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...