අද ලංකාවේ පමණක් නොව ලෝකය පුරා කතා බහට ලක්වන විශාල ගැටලූවක් වී ඇති දියවැඩියා Diabatic* රෝගය බාල, මහලූ කා අතරත් දැකිය හැකි රෝගාබාධයකි. ලෝකයේ වැඩි ජන පිරිසක් අතර පීඩා විඳින රෝගයක් ලෙස හැඳින් විය හැකිය.
එම නිසා අප සියලූ දෙනා තමන්ගේ රුධිරගත සීනි මට්ටම පිළිබඳව නිරන්තරයෙන් අවධානයකින් සිටිය යුතුයි. ඒ සඳහා දැනට ඇත්තේ රුධිරයේ ඇති සීනි මට්ටම මැන ගැනීම සඳහා, ඇ`ගිල්ල සිදුරු කර රුධිරය ලබා ගෙන හෝ ලේ සාම්පලයක් ගෙන රසායනාගාරයකදී පරීක්‍ෂා කර ගැනීමෙනි. නමුත් එය තරමක් වේදනාකාරී මෙන්ම මුදලක්ද වැය වේ.
ඒ හේතුවෙන් සමහර රෝගීන් තමන්ගේ රුධිරගත සීනි මට්ටම යම් කාලයකට වරක් පමණක් පරීක්‍ෂා කිරීමට පෙළඹී සිටිනවා. ඒ නිසා අප නොදැනීම අතුරු ආබාධවලට ලක් විය හැකිය. අක්‍ෂි ආබාධ, වකුගඩු ආබාධ, තවත් අතුරු විපාකවලටත් ගොදුරු වීමට ඉඩ ඇත.
මෙයට ප‍්‍රතිකර්මයක් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (Conducitvity* පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි අපේක්‍ෂිකාවක් වන මධුෂී දේවීන්දි වැලිකල සොයා ගෙන තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේදී ආදි ශිෂ්‍යාවක් වන ඇය තම පරීක්‍ෂණ ව්‍යාපෘතිය පිළිබඳ මෙසේ පැවසූවාය.
එයට ප‍්‍රවේශයක් ලෙස යොදා ගනු ලැබුවේ ‘‘ඩයබ්මේට්’’ උපකරණයයි. එම ව්‍යාපෘතිය සඳහා උපයෝගී කර ගනු ලැබුවේ දහඩිය සහ රුධිර ගත සීනි අතර සම්බන්ධතාවයක් ඇති නිසා එයින් ප‍්‍රායෝජනවත් දෙයක් කළ හැකි යැයි මට හැ`ගීගිය නිසා නව නිපැයුමක් වශයෙන් ‘‘ඩයබ්මේට්’’ උපකරණය නිෂ්පාදනය කිරීමට තීරණය කළා.’’
‘‘මට මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වූයේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන දිලූම් පෙරේරා මහතායි.’’
‘‘ඩයබ්මේට්’’ යනු අතේ පැළදිය හැකි හැකි උපකරණයක් වන අතර එය පරිශීලකයාගේ ඇ`ගිලිවල දහඩිය භාවිතා කරමින් සමේ විද්‍යුත් ලක්‍ෂණවල (Conducitvity අඛණ්ඩ වෙනස්වීම් නිරීක්‍ෂණය කරනු ලැබේ.
මෙම ‘ඩයබ්මේට්’’ යන්ත‍්‍රයෙන් රුධිරය පරීක්‍ෂාවට ලක් කිරීමට මුලින්ම ඇ`ගිලි දෙකකට පලඳනාවක් දාන්න ඕනෙ. ජංගම දුරකථන ඇප් එකක් තියෙනවා එම ඇප් එකට
රෝගියාගේ දත්ත ඇතුළු කරනවා. එහිදී ආහාර වේල, ආහාර ගත් වේලාව ඇතුළු දත්ත කීපයක් ඇතුළත් කරනවා. අනතුරුව බ්ලූ ටූත් තාක්‍ෂණය මගින් ස්කෑන් කර පළඳනාවෙන් දත්ත ලබා ගන්නවා. ඉන් පසුව මේ දත්ත සියල්ල Machine learning model එකක් ආධාරයෙන් Process කරලා ඒ අවස්ථාවේදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම ලබා ගන්නවා.
මෙම ‘‘ඩයබ්මේට්’’ උපකරණය සඳහා බි‍්‍රතාන්‍ය පරිගණක සංගමයේ ශ‍්‍රී ලංකා ශාඛාවෙන් සංවිධානය කරනු ලබන ජාතික තොරතුරු තාක්‍ෂණ සම්මාන උළෙල (2019* එහිදී තෘතීයික අංශයේ රිදී සම්මානය ලබා ගත් අතර අනෙක් සම්මානය වියට්නාමයේ පැවැති ආසියා ශාන්තිකර කලාප තොරතුරු තාක්‍ෂණ සංධානයේ සම්මාන උළෙල APICTA ලංකාව, චීනය, ජපානය, ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් 17 කින් මෙන්ම 19 වරට පවත්වන ලද සම්මාන උළෙලේදී තෘතීයික අංශයේ රන් සම්මානයද ලබා ගන්න පුළුවන් වුණා.’’
ඔබේ නිර්මාණය ඉදිරි කාලයේදී වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?
මේක මෙඩිකල් ටී‍්‍රට්මට් එකක් නිසා වඩා වැදගත් වෙනවා. මගේ මීළ`ග අදියර වෙන්නේ මෙම උපකරණය සායනික පරීක්‍ෂණ සඳහා යොමු කරන්න. අන්න එතනින් පස්සේ ඒ සායනික පරීක්‍ෂණවලදී ලැබෙන ප‍්‍රතිඵලය අනුව තවත් වැඩි දියුණු කරලා එයින් පසුව වෙළෙඳපලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සායනික පරීක්‍ෂණවලට දාන්න වෛද්‍යවරයෙක් සම`ග කතා කර තිබෙනවා. එතුමා කැමති වෙලා තිබෙනවා උදව් කරන්න. නමුත් තාමත් එය සාකච්ඡුා මට්ටමින් පවතින්නේ. ඒ වගේම පසුගිය දවස්වල සායනික පරීක්‍ෂණ සඳහා උදව් කරන්න නම් කියලා ආයතන කිහිපයක් එකතු වුණා.’’
මෙවැනි ශිෂ්‍යාවන් බිහි වීම අපේ රටට කීර්තියක් මෙන්ම ආඩම්බරයකි. මෙවැනි දක්‍ෂ ශිෂ්‍යාවන් සිටීම රටේ අනාගත සම්පතක් ලෙස සැලකිය යුතුය. ඔවුන් යන මාර්ගයට අතහිතදීම අපේ රටේ වගකීමකි. මෙයට අදාළ බලධාරීන් මේ ගැන සොයා බලා ඔවුන්ගේ ඉදිරි ගමනට අත්වැලක් හා ධෛර්යක් ලබා දීමට අප වගබලාගත යුතුය.
* සුජානි ගුරුගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...