පසුගිය රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව අටක් ඉදිරිපත් කළ පෙත්සම් අද(06) විජිත් මළල්ගොඩ, එල්ල. ටී.බී. දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ එන්. විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පෙත්සම් ජූලි මස 13 වනදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්සන් කර තිබෙන බවයි.
එම ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියක් ද ලබාගෙන නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඒ තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...