දේශීය පුවත්

ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සම්මාන පවා ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ ඊයේ (6 ) පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙම ආයතනය ඇතුළු තවත් ආයතන සමග හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඍජු සම්බන්ධතා පැවැත් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රමිති සහතික ඇති ගුණාත්මක ඖෂධ වර්ගයක් රුපියල් තිස්තුනට පවතින විට රුපියල් හැට නමයකටත් වැඩි මුදලකට නිකුත් කර ඇතැයි ද මෙම ටෙන්ඩරය හරහා පමණක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන පහකට වැඩි යැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.

පිළිකා ඖෂධ මගඩිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සාක්ෂිවලින් හෙළිවුණේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සමග එකට ගනුදෙනු කළ සමාගම්වල නම් යැයි ද ෆාමේස් සමාගමත් ඒ අතර වූ බවද සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ හිටපු ​සෞඛ්‍ය ඇමැතිවරයා එම සමාගමට සම්මානයක් ලබාදීම පුදුමයට කරුණක් නොවන බවත් ඔහු කියා සිටියේය.

රාජිත සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලට ගැනීමේ අක්‍රමිකතා ගැන චෝදනා

රාජිත සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලට ගැනීමේ අක්‍රමිකතා ගැන චෝදනා

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 6. Februar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More