දේශීය පුවත්

ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කොන්දේසියක් පනවමින් පවසා තිබුණේ රෝසි සේනානායක ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා නැවත ඊට ඇතුළත් කරන තෙක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවන බවයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට රෝසි සේනානායක, අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා සහ ඉමිටියාස් බාකිර් මාකර් යන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සිව්දෙනාගේ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඒ පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ චෝදනාව මතයි. කෙසේ වෙතත් එජාප නායකයාට සමීපව පසුගිය වකවානුව පුරාම කටයුතු කරන ලද කොළඹ පුරපතිනිය නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කරගන්නා ලෙස රනිල් පාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ යෝජනා සළකා බැලීමෙන් අනතුරුව එජාප නායකයා මෙසේ ඇය නැවත ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළකර ඇතැයි සිරිකොත වාර්තා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More