මෙරට අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමසදහා ස්ථාපිත කර තිබෙන කාර්යාලයටපත් කර තිබෙන සාමාජිකයන් අතර රාජ්‍ය නොවන සංවිධාන වල(NGO) සාමාජිකයන් දෙදෙනකු සිටින බවහිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
මෙම රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා රටට එරෙහව, රණවිරුවන්ට එරෙහිව බෙදුම්වාදයට පක්ෂපාතීව ක‍්‍රියා කර ඇති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
අතුරුදහන් වූවන්ගේ කොමිසම හරහා රට පාවාදීලා
මේ කමිටුවේ කොමසාරිස්වරුන්ගේ නම් දිහා බලපුවාම අති බහුතරයක් ඩයස්පෝරාවත් එක්ක ළග සම්බන්ධකම් තියන ශ්‍රී ලංකාවට විරුද්ධව ලොව පුරා ගිහිල්ලා අදහස් ප්‍රකාශ කරපු විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධව දැඩි ලෙස හඩ නගන උදවිය.ඒක නිසා ජනාධිපතිතුමාට අපි මතක් කරනවා මේ වගේ කොමිසමකට පත්කල යුත්තේ ස්වාධීන මත දරණ අය මිසක් පෞද්ගලික නියාය පත්‍රවලට අනුව කටයුතු කරන ද්‍රවිඩ ඩයස්පෝරාවේ ඒජන්තවරුන්වත් එන්ජීඕ වලින් යැපෙන පරපුටුවන්වත් නෙමෙයි.ඒක නිසා සංහිදියාවේ නාමයෙන් අපි පැහැදිළිව මතක් කරනවා. මේ රටේ සිංහල බෞද්ධ සමාජය මරා දාන්න ඉඩ තියන්නේ නෑ කියලා.විශේෂයෙන්ම මංගල සමරවීර මහත්තයා විදේශකටයුතු ඇමතිවරයා විදිහට තනි තීරණ අරගෙන හිතුවක්කාරී ලෙස රණවිරුවොත් මේ රටේ යුද්ධයට සම්බන්ධ වෙච්ච පාලකයෝ නායකයෝ සියළුම දෙනා පාවාදීමේ ද්‍රෝහී ක්‍රියාව පිළිබදව ගණුදෙනුව එතුමාට වැඩිකල් නොගිහිල්ලා මේ රටේ රණවිරුවොත් එක්ක බේර ගන්න සිද්දවෙයි.
Gepostet von Wijeyadasa Rajapakshe am Freitag, 2. März 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...