මුහුණු පොතෙන්

රෝහණ දේව පෙරේරා නම් අඥාන සභාපතිවරයා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට ප්‍රවීණ ගයන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන ඩබ්. බී. ගනේගල මහතාගේ නම් දෙක යෝජනාව වී ඇති බව ඊයේ ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණා. ජගත් වික්‍රමසිංහගේ නම ජනාධිපති කාර්යාලය විසිනුත්, ඩබ්. බී. ගනේගල මහතාගේ නම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙනුත් ජනමාධ්‍ය ලේකම්වරයා වෙත යොමුකොට තිබෙන බව දැනගන්නට තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු වූ ගනේගල මහතාගේ නම රාජ්‍ය ආයතන 06 ක් සඳහා නව ආණ්ඩුව පැමිණි පසු නිර්දේශ කර තිබුනද එම ආයතනවලට වෙනත් අය පත්කිරීම හේතුවෙන් ගනේගල මහතාට මේ ආණ්ඩුවේ තනතුරක් නොලැබුණි. නැවත ගුවන්විදුලි සංස්ථාවට නිර්දේශ කර ඇත්තේ අත්පුඩි සභාපතිගෙන් හිස් වූ පුරප්පාඩුව සදහායි.

මේ තනතුර සදහා වඩාත්ම සුදුස්සා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තේරීම වන සංගීත අධ්‍යක්ෂවරයකු හා ගායන ශිල්පියකු වන ජගත් වික්‍රමසිංහ මහතායි. ඊට හේතුව ඔහු මේ විෂය ප්‍රමාණිකයෙක් සහ ඔහු ආ ගමනේ දී ගුවන් විදුලි සංස්ථාව වැනි ආයතනයක අතීත උරුමයක් ඔහුට තිබීමයි. අනික ඔහුගේ ක්ෂේත්‍රයටම ගැළපෙන තනතුරක් වීමයි. ජගත් සංගීතඥයෙක් වුවද ඊට එහා ගිය වෙනත් ක්ෂේත්‍ර ගැන වුවද ප්‍රමාණික අවබෝධයක් හා නැවුම් අදහස් වලින් යුක්ත පුද්ගලයෙක් බව ඔහු ඇසුරු කළ ඕනෑම කෙනෙක් දන්නා දෙයක්. එහෙම කිවේ මීට වැඩි තනතුරකට වුවත් ඔහු සුදුස්සෙක්. තනතුරු නැතුව වුවද රජයේ සම්පත් ආරක්ෂා කරන ඒ පිළිබඳ හැගීමක්, අරපිරිමැස්මක් ඇතිව කටයුතු කරන පුද්ගලයෙකි. වඩා වැදගත්ම දේ බොහෝ රාජ්‍ය ආයතනවලට පත්කොට ඇති දාර්ශනික දුගියන්ට වඩා ජගත් රටට ආදරේ පොහොසත් චින්තනයක් ඇති පුද්ගලයෙක්. එවැන්නෙකුගෙන් ප්‍රයෝජනයක් නොගන්නවා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලනයෙන් ජනතාව අපේක්ෂා කළ වෙනස අපතේ යැවීමක්. එනිසා ඔහුව මේ තනතුර හෝ ඊට වැඩි යමකට පත්කරන මෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලමු.

ගනේගල මහතා ‘සැරදේ මහින්ද‘ ආදී ප්‍රශස්ති පොත් ලියා මහින්ද රාජපක්ෂ සමයේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ධුරයද, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය ආදී ඉහළ තනතුරු දැරූවෙකි. පසුව ඔහු යහපාලන රජය යටතේද විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපති ලෙස පත්විය. ඒ හිටපු සභාපති අනුර විජේපාල 2017 අප්‍රේල් 26 ඉල්ලා අස්වූ විට ඒ පුරප්පාඩුව සදහා යහපාලන ආණ්ඩුව පත්කළේ ගනේගල මහතායි. රූමත් ළඳුන් හමුවේ උණුවෙන හදවතක් ඇත්තෙකු ලෙස ප්‍රකට ගනේගල මහතා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති කිරීමෙන් විය හැකි අන්තරාව ද තේරුම් ගෙන ජගත් වික්‍රමසිංහ වැනි බෞද්ධ සංස්කෘතික විඥානයෙන් ශික්ෂණය වූ යහපත් චරිතයක් එහි මුල් පුටුවට පත්කොට ගුවන්විදුලියේ හා එහි සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කරදෙන මෙන් Gotabaya Rajapaksa මහතාගෙන් ඉල්ලමු.
.
පූජ්‍ය රත්තනදෙණියේ මේධානන්ද හිමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More