මින් ඉදිරියට තෙත්බිම් රක්ශිත වලින් එක අන්ගලක් වෙනත් කටයුතු සදහා ලබා නොදෙන බවට ලෝක තෙත් බිම් දිනයේදී අතිගරු ජනාදිපති තුමන් විසින් කළ ප්‍රකාශයේ උනුසුම යෑමටත් පෙර වෙඩිතලතිව් තෙත්බිම් රක්ශිතයෙන් විශාල පන්ගුවක් ඉස්සන් ගොවිපලක් සදහා නෝර්වේ කාරයකුට ලබාදීමට ධීවර රාජ්‍ය ඇමති විසින් කටයුතු කරගෙන යන බවට අභ්‍යන්තර ආරංචි පවසයි.
මෙම විදේශිකයා පසුගිය රජයේ මැති ඇමති වරුන් සමගද ලගින් කටයුතු කල පුද්ගලයෙක් වන අතර, ජල ජීව විද්‍යාග්ගයකු ලෙස පෙනී සිටින විදේශ ඔත්තු සේවා කරුවකු ලෙසද ඔහුව ලගින් ඇසුරුකල අය පවසයි. පසුගිය රජයේ සම්බන්දකම් තුලින් ඔහු මිරිදිය වැව් වල කර අඪු ඉස්සන් වගාකර පිටරට පැටවීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. බෙහෙවින්ම වයඹ පලාත තුල සැරිසරන මොහු වත්මන් රජයේ ධීවර ඇමතිවරයාද ගොනාට අන්දවා අනාගත පරපුරට ඉතිරි කලයුතු අගනා ස්වභාවික RAMSA තෙත් බිමක් ජනපති වරයාගේ තීන්දු වලට පිටින් ගොස් ක්‍රියා කරන බවට තොරුතුරු දැනගැනීමට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...