දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාමයෝජනාවලින් සියයට තිහක් ලබාදිය නොහැකි බවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද (07) පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව ලකුණින් තරග කිරීමට සූදානම් බවයි.

අද පැවති මාධඨ හමුවකදි දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසුවේ ඇතැම් පිරිස් ගෙම්බන් සේ පැත්තෙන් පැත්තට පනිමින් තනතුරු සඳහා පිල් මාරු කිරීමට හැකි බවයි.

එම නිසා එම උදවිය සම්බන්දයෙන් ජනතාව නිවැරදි තීරණයක් ගනු ඇති බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසුවේ සිය නායකයාගේ නායකත්නයෙන් මැතිවරණ ජයග්‍රහණය කරමින් පසුව පිල්මරු කරක්නේ නම් එය පක්සයට ගැටළුවක් බවයි.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ සන්ධානයේ මහලේකම්ධුරයත් සභාපතිධුරයත් පොදුජන පෙරමුණට ලබා දීමට එකඟ වු බවයි.

කිසිදු අවස්තාවකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණයක් නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More