දේශීය පුවත්

යහපාලන රජය ජිනීවා යෝජනාව සම්බන්ධව අනුගමනය කළ පිළිවෙත වත්මන් රජයද අනුගමනය කිරීම නිසා අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනාවලින් නිදහස් නොවන බව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත හදිසි සංදේශයක් එවමින් ප‍්‍රකාශ කර ඇත.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මේ බව පවසා ඇත්තේ හිටපු විදේශ ඇමැති තිලක් මාරපන මහතා ජිනීවා ගිය මගම වත්මන් රජය අනුගමනය කරන බව ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීම නිසාය.

එම සංසදය යවා ඇති ලිිපියේ මෙසේද සඳහන් කර ඇත.

‘පසුගිය ජනාධිපතිවරණයේදී රණවිරු ගායෙන් යුක්තව උසස් සංඛ්‍යාවක දේශපේ‍්‍රමී ජනතාවක් විදේශ රටවල සිට සිය ඡන්දය පාවිච්චි කිරීමට මෙරටට පැමිණියහ. ඔවුන් ඡුන්දය පාවිච්චි කළේ රණවිරුවන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් ඔවුන්ව ගලවා ගැනීම උදෙසායි. මේ නිසා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක කමිටුව සහ ජාතික සංවිධාන කමිටුව එක්කර පූර්ණකාලීන කමිටුවක් පත්කළ යුතුයි. එම කමිටුවේ නිර්දේශ 43 වැනි මානව හිමිකම් සමුළුව වෙත යොමු කළ යුතුව ඇත. රණවිරුවන් කමිටුවේ නිර්දේශ වලින් හමුදාව නිර්දෝෂී බව සනාථ කරන වාර්තාවක්ද ඉදිරිපත් කළ යුතුය. මේ හැර 30/1 සහ 40/1 ජිනීවා යෝජනාවල සම අනුග‍්‍රහයෙන් රජය ඉල්ලා අස්වන ලෙසද ඉල්ලා සිටින්නෙමු.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ වෙතද යවා ඇති මේ සංදේශයට ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ යසස් ධර්මදාස, එරික් මාකවිට, සේනක රාජපක්‍ෂ, හර්ෂ පෙරේරා, ලලිත් පේ‍්‍රමලාල්, ප‍්‍රසංග ජයමාන්න, ජගත් චන්ද්‍රවංශ සහ නුවන් බෙල්ලන්තුඩාව යන මහත්වරු අත්සන් කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින්

2020 පෙබරවාරි මස 02 දින
ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා බාරේ
අංක 544A, නාවල පාර,
රාජගිරිය
දු.ක.: 072 129 8233
වි.ලි.: primal@atmosphereceylon.com

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
විදේශ සම්බන්ධතා අමාත්‍ය සහ නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය
විදේශ කටයුතු අමාත්‍යාංශය,
කොළඹ, ශ්‍රී ලංකාව

යුද අපරාධ චෝදනා පිළිගැනීමේ 30/1 ජිනීවා යෝජනාවලියේ සම අනුග්‍රහයෙන් ඉවත්වීම

සමස්ත OISL වාර්තාව සඳහා පාදකව ඇත්තේ 2011 දී නිකුත් කරන ලද දරුස්මාන් වාර්තාවයි. 2017 ඔක්තෝබර් මස, බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමි වරයා විසින් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී දරුස්මාන් වාර්තාව අසත්‍ය බවත් ශ්‍රී ලංකාවට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉල්ලා අස්කරගත යුතු බවත් සඳන් කරන්නට යෙදුනි. එහෙත් එවක පැවති යහපාලන රජය ඒ පිළිබඳව කුමනම අවධානයක්වත් යොමු නොකරන ලදී. නෙස්බි සාමි වරයා විසින් එම ප්‍රකාශය පසුගිය ජනවාරි මසද බ්‍රිතන්‍ය පාර්ළිමේන්තුවේදී පළකරන ලදී. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් යම්කිසි පිළිගැනීමක් සිදුකළබව පසුගිය දිනවල දකින්නට තිබුනද එහි සම්පූර්ණ ප්‍රථිඵල ලැබිය හැක්කේ ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා එම ක්‍රියාවලිය කඩිනමින් ගෙනයෑම තුලින්වේ.

ඒ අනුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ අපහට, තම ජීවිතය පරදුවට තබා රට රැකීමට ඉදිරිපත් වුන, රණවිරුවන් සහ නායකත්වය බරපතල පාවා දීමකට හසුව පවතින බව පෙනේ. 2021 වන තෙක් මේ පිළිබඳව ජිනීවාහී සාකච්ඡා කිරීම ප්‍රමාදවීම තුල රණවිරුවන් සහ එයට අණදුන් නායකත්වය ලෝකයා තව දුරටත් යුද අපරාධ කරුවන් හැටියට සැලකීම සිදුවන අතර ඔවුන් හට කුමන හෝ අවස්ථාවක බරපතල තත්ත්වයකට විදේශයකදී මුහුණ දීමට සිදුවීමේ ප්‍රවනතාවයක් පවතී. එබැවින් මෙම ප්‍රමාද කිරීම් සිදුවන්නේ කුමන කරුණු මූලික කරගෙනද යන බව අපහට නොවැටහෙන හෙයින්, 2017 වසරේ සිට ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ සමුළුවලදී රණවිරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ඔබතුමා වෙත අපේ අදහස් හුවා දැක්වීම අප සතු යුතුකමක් හා වගකීමක් ලෙස සළකමු.

පහත සඳහන් අණපනත් පසුගිය යහපාලන රජය පැවති කාළය තුල සම්මත වී ඇති බව ඔබතුමාලාද දන්නා කරුණකි.

1. 2016 අගෝස්තු 23 දින සම්මත කරන ලද 2016 අංක 14 දරන අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත.
2. 2017 නොවැම්බර් 17 දින සම්මත කරන ලද 2017 අංක 27 දරන වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහයෝගය දීමේ සහ ආරක්ෂාකිරීමේ
(සංශෝධන) පනත.
3. 2018 මාර්තු 21 දින සම්මත කරන ලද 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන්කිරීමෙන් ආරක්ෂාකිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත.
4. 2018 අගෝස්තු 15 දින සම්මත කරන ලද 2018 අංක 24 දරන සාපරාධී ක්‍රියාවන් සඳහා අන්යෝන්‍ය සහයෝගීතා (සංශෝධන) පනත.
5. 2018 ඔක්තෝබර් 22 දින සම්මත කරන ලද 2018 අංක 34 දරන වන්දිගෙවීමේ කාර්යාල පනත.

එම සම්මත වී ඇති අණපනත් හේතුවෙන් දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට වැඩිය භයානක තත්ත්වයක් උද්ගතව පවතී. ඉහත අංක 2 හි සඳහන් වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහයෝගය දීමේ සහ ආරක්ෂාකිරීමේ (සංශෝධන) පනත ප්‍රකාරව ලබාදෙනු ලබන සාක්ෂියේ නිරවද්‍ය භාවය සනාත කිරීමට අභියෝග කිරීමට අවකාශයක් නොමැත. ඉහත අංක 4 හි සඳහන් සාපරාධී ක්‍රියාවන් සඳහා අන්යෝන්‍ය සහයෝගීතා (සංශෝධන) පනත 30/1 යෝජනාහි සඳහන්ව නොතිබුන පනතක් වන අතර පහුගිය යහපාලන රජය විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්කර සම්මත කරගන්නා ලද පනතකි. ඒ මගින් උදර්පනය සඳහා ස්වෙච්ඡාවෙන් දායකත්වය ලබාදෙන අතර අනෙකුත් රටවල් වලට පමනක් නොව එම රටවල පවතින ඕනෑම සංවිධානයක ඉල්ලීම සඳහා අනුමැතිය අප රටේ ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇත. මෙහි තිබෙන බරපතල තාවය හොංකොංහි උදර්පන පනත වෙනස් කිරීමෙන් එරට තුල උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සැළකීමෙන් වටහා ගත හැකිවේ. තවද පසුගිය දිනවල දක්නට ලැබුන සහ දැනටත් සිදුවෙමින් පවතින ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම සමග සළකා බලන විට යම් කිසි හෙයකින් අපගේ රණවිරුවෙක් පිට රටකදී අත්අඩංගුවට පත්වුව හොත් ඇතිවිය හැකි තත්ත්වය ඉතා බරපතල බව පෙන්වා දිය හැක.

2021දී යෝජිතව ඇත්තේ 30/1 යෝජනා හෙවත් ඳඬුවම් ක්‍රියාත්මක කර ඇති ප්‍රගතිය සමාලෝව්නය සිදු කිරීමයි. නමුත් අප විසින් ඉල්ලා සිටින්නේ එවන් ඳඬුවම් විඳීමේ ප්‍රගතිය සමාලෝචනයක් නොව ඊට ප්‍රථම රණවිරුවන්ට එල්ලවී ඇති අභූත යුද අපරාධ චෝදනා වලින් ඔවුන්ව ගලවා ගන්නාලෙසයි. එය හුදු සම අනුග්‍රහයෙන් ඉවත්වීමකින් පමනක් ඉටුකළ හැකි නොවේ. ඒ සඳහා රණවිරුවන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කළ යුතුවේ.

රණවිරුවන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කීරීම සඳහා සුදුසු වාර්තාවක් අප විසින් පිළියෙලකර ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කළ බව ඔබතුමන්ලා දන්නෙමු. රජයට එල්ලවී තිබූ චෝදනා 8න් 7කට අප සාර්ථකව පිළිතුරු ලබාදී එම චෝදනා නිශේදනය කළෙමු. අප විසින් අධ්‍යයනය නොකල එකම චෝදනාවවූයේ අභ්‍යන්තරව අවතැන්වූවන්ගේ චෝදනාවයි. එයට හේතුවූයේ අප විරුවන්ගේ විත්තිවාචිකය සකසන අවස්ථාව වන විට සියලුම අවතැන්වූවන් පදිංචිකර අවසන්ව තිබූ බැවිනි. කෙසේවුවද, මෙවර 2021 මාර්තු සැසිවාරයට රණවිරුවන්ට එරෙහිව එම චෝදනාව යටතේ පෙත්සමක් ගොනුකර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

යුද අපරාධ චෝදනා සම අනුග්‍රහය දී පිළි අරගෙන ඇති බැවින් රණවිරුවන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කල හැකි පමනින් ඒ සඳහා කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත. මෙහිදී ඒ පිළිබඳව අපට ඇති වාසිය වන්නේ යුද අපරාධ චෝදනා වලට ලක්වූවන් හට ස්වභාවික යුක්තිය පසිඳලීමේ අවස්ථාවක් මානව හිමිකම් කොමිසම විසින් ලබා නොදී තිබීමයි. රජය විසින් චූදිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම ලබා දීඑම පිළිබඳව ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලබන්නේනම් මානව හිමිකම් කොමිසමට එම ඉල්ලීම ඉවතලිය නොහැකිවනු ඇත. මේ පිළිබඳව 2018 මාර්තු 15 දින අප විසින් මානව හිමිකම් සමුළුවට බාරදෙන ලද පෙත්සමේ සඳහන් කරන්නට යෙදුනි.

යුද අපරාධ චෝදනා වලට පිළිතුරු දීම පමන්ක් නොව සමස්ත සම අනුග්‍රහ ක්‍රියාවලියෙන්ම අත්මිදිය හැකි කාරණය වන්නේ මානව හිමිකම් සමුළුව එක්සත් ජාතීන්ගේ ප්‍රඤ්ඥප්ති උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් සමුළුවට තහවුරු කර සිටීමයි. එහිදී අප පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2(7) යන වගන්තිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවේ 2006 අප්‍රේල් 6 දින සම්මත කරන ලද 60/251 දරන විසර්ජන පනත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරු සංවිධානයක් වන මානව හිම්කම් සමුළුව විසින් උල්ලංඝනය කර ඇති බවයි.

මෙහිදී අප විසින් පෙන්ව දෙන ලද අනෙක් කරුණ වන්නේ මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගන්ති සහ විසර්ජන පනත් උල්ලංඝනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුකමිටුවක් සමග ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා විසින් ප්‍රඥප්ති අත්සන් කර තිබුනේ ඒ පිළිබඳව රජයේ නිසි අවසරයකින් තොරව බවයි. නිසි අවසරයකින් තොරව එකඟතාවය පළකිරීමෙන් එම එකඟතාවයේ වලංගුභාවයක් නොපවතින අතර එසේ කිරීම රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ලෙස අර්ත දැක්විය හැක. මේ පිළිබඳව එක්සත් රාජධනියේ රාජකීය නීති විෂාරද ශ්‍රීමත් ජෙෆ්‍රි නයිස් මහතාගේ අධීක්ෂණයෙන් යුක්තව අභියාචනයක් ඉදිරිපත් කිරීමටද අප ඉදිරියේදි බලාපොරොත්තු වන්නෙමු.

එබැවින් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ලැබුන ජන වරමට අනුකූලව මෙම පෙබරවාරි මස 24 වන දින ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුවේ සැසියට රණවිරුවන්ගේ නිර්දෝශී භාවය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසත් සම අනුග්‍රහයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය මූලික කරුණු ඉදිරිපත් කරන ලෙසත් වේ. මේ සඳහා 2021 වන තෙක් පසුවීමට කිසිසේත්ම අවශ්‍ය නොවන බව නැවතද කරුණාවෙන් අවධාරණය කරන්නෙමු.
මේ පිළිබඳව වැඩිදුර කරුණු පහත සඳහන් ඇමුණුම්වල දක්වා ඇත.

• OISL වාර්තාවේ සඳහන් යුද අපරාධ චෝදනා මොනවාද (ඇමුණුම 1)
• 30/1 ජිනීවා යෝජනා හෙවත් A/HRC/30/L29 විසර්ජන කෙටුම්පත (ඇමුණුම 2)
• OISL වාර්තාවට එරෙහි විරුවන්ගේ විත්තිවාචිකය (ඇමුණුම 3)
• නිර්දේශ පැමිනෙනවිට යුද්ධයෙන් පසු ඇතිව තිබූ යලි නගාසිටුවීමේ සහ නීතිය ස්ථාපිත කිරීමේ ක්‍රියා මාර්ග (ඇමුණුම 4)

මෙයට
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය – විධායක සභාව

යසස් ධර්මදාස
ගරු ලේකම්, විධායක සභාව

ජගත් චන්ද්‍රවංශ
සභාපති – රුසියාව

එරික් මාකේවිට
සභාපති – ස්විට්සර්ලන්තය

සේනක රාජපක්ෂ
සභාපති – පෝලන්තය

හර්ෂ පෙරේරා
සභාපති – ඕස්ට්‍රේලියාව

ලලිත් ප්‍රේමලාල්
සභාපති – අයර්ලන්තය

ප්‍රසංග ජයමාන්න
සභාපති – මහා බ්‍රිතාන්‍ය

නුවන් බැල්ලන්තුඩාව
නේවාසික නියෝජිත – ශ්‍රී ලංකාව

පිටපත්:
ගරු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමා
ගරු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මෙජර් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමා
ගරු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ මැතිතුමා
මුද්‍රිත සහ විද්‍යුත් ජනමාධ්යය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More