ආණ්ඩුවේ පාර්ශවකාර සියළු සුළු පක්ෂ කැඳවා ඉදිරි මැතිවරණයට මුහුණ දීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීන්දු කොට ඇති බව වාර්තා වේ.
එම රැස්වීවම පෙබරවාරි මස 10 වන දින පැවැත්වෙන බව සඳහන් කළ එක් ප්‍රබලයෙකු සඳහන් කළේ විධිමත් සන්ධානයක් හැදෙන්නේ නැති නම් පක්ෂය තනිවම තරඟ කරන බවය.
එවැනි තීන්දුවක් ගැනීමේදී කවුරු පක්ෂය හැරදා පොදුජන පෙරමුණට එකතුවනවාද යන්න සැලකිල්ලට නොගන්නා බවද ඔහු සඳහන් කළේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ කුඩා පක්ෂ අතර සන්ධානයක් හැදීමට ඉඩක් ඇති බවද ඔහු අවධාරනය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...