දේශීය පුවත්

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත.

රාෂ්ට්‍රපති භවන්හි නිල පිළිගැනීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස් හිදී මෙම ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙහිදී දෙරටට වැදගත්වන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර විශේෂයෙන් ඉන්දියාව විසින් සිදුකරනු ලබන නිවාස සහ ප්‍රජා ව්‍යාපෘති පිළිබඳව වැඩි අවධානය යොමුව ඇත.

බුද්ධි අංශ සහ ත්‍රස්තවාදයට එරෙහි කටයුතු සඳහා ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාවට සහය දක්වා ඇති බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා එම සහයෝගය අඛණ්ඩව ඉදිරියේදී ද ලැබෙනු ඇති බවට විශ්වාසය පළකරන බව එහිදී කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය රජය සිදුකරනු ලබන ආධාර පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය කෘතවේදීත්වය පළ කර ඇත.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රි ලංකා සංචාරය අතිශයින්ම ශක්තියක් වු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම මෙරට ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 400ක ණය ප්‍රධානය සම්බන්ධයෙන්ද තමා අග්‍රාමාත්‍යවරයාට ස්තුතිවන්ත වන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ.

ඉදිරියේදී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More