වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කවට විරෝදය දැක්වූ තරුණයාට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් දැනට පදිංචි නිවස අතහැර ගිය බව වාර්තා වේ.
ප්‍රදේශයේ මුස්ලිම් ජාතික දේශපාලකයෙකුගේ ගෝලයින් පිරිසක් මෙම තරුණයාගේ නිවස පිහිටි ප්‍රදේශයට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදී සොයා ඇති බවත් ඔහු නිවස අතහැර ගොස් ඇති බැවින් පිරිස ආපසු ගොස් ඇති බවද ප්‍රෙද්ශවාසීහු බවසති.
එම තරුණයා ඉතාලියේ රැකියාවක නිරත වන අයෙකු වන අතර නිවාඩුවකට මෙරටට පැමිණ අවස්ථාවේදී වත්තල ආපිකෝ ආයතනයේදී මෙම සිද්ධිය වී ඇත.
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බුර්ඛා ඇදුම පිළිබදව දැඩි සමාජ භීතියක් ඇතිවිණි. ප්‍රහාරයෙන් පසුව හදිසි නීතිය යටතේ බුර්ඛාව තහනම් කළද එම නීතිය ඉවත් කිරීමෙන් පසුව ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල බලපෑම මත බුර්ඛාව පැලදීම මේ වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් පුද්ගල අනන්‍යතාවය හදුනාගත නොහැකි මෙම වස්ත්‍රය නිසා සමාජ ආරක්ෂාව තවදුරටත් දැඩි අනතුරක පවතින අතර ඊට එරෙහිව සමාජ විරෝධයද පහව ගොස් නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...