එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයේ ඉහළ නිලතලවලට සුදුස්සන් පත්කිරීම ගැන පක්ෂ නායකත්වය සහ සන්ධාන නායකත්වය මත දෙකක් දැරීම නිසා අද (10) දින පැවත්වෙන කෘත්‍යධිකාරී මණ්ඩලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ගනු ඇතැයි වාර්තා වේ.
පසුගියදා රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම නව සන්ධානයේ මහලේකම්ධුරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම යෝජනා කර සම්මත කරගත්තේය. එහෙත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වී තිබුණේ එම නාම යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙනුත් අනුමත විය යුතු බවයි.
ඒ අතර අප වෙත ලැබුණු තවත් වාර්තාවකින් කියවුණේ එජාපයේ රනිල් හිතවාදීන් ද මහලේකම් තනතුර සඳහා නමක් යෝජනා කර ඇති බවයි. එම අපේක්ෂකයා නවීන් දිසානායක, රාජිත සේනාරත්න හෝ රවි කරුණානායක යන මහත්වරුන් තිදෙනාගේ එක් අයකු වියහැකි බව වැඩිදුරටත් කියවේ. සන්ධානයේ වඩාත් බලවත් තනතුර ලෙස සැලකෙන මහලේකම් ධූරය සඳහා නම් ගණනාවක් ඉදිරිපත් වුවහොත් සහ ඡන්ද විමසුමක් පැවැත්වීමට සිදුවේ. එහිදී කෘත්‍යධිකාරී මණ්ඩලයේ වැඩි බලය හිමි අපේක්ෂකයා ජයගනු ඇත.
එසේම නව සන්ධානය සඳහා ලාංඡනය සහ නමක් යෝජනා කිරීම සම්බන්ධව දෙපක්ෂය අතර එකඟතාවක් නැත. සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් සජිත් හිතවාදීන් පිරිසගේ යෝජනාව වී ඇත්තේ දියමන්තිය හෝ හදවත සලකුණය. එහෙත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නව සන්ධානයේ ලාංඡනයත් අලියා විය යුතු බවට මතයක් දරන බවට දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...