දේශීය පුවත්

“ජනාධිපති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා – නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන උද්ධෘතයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල පළවූ පුවතට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් පිළිතුරු නිවේදනයක් එවා තිබේ.

එම නිවේදන‍යෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය එම පුවත ප්‍රතික්ෂේප කර තිබේ.

එම නිවේදනය පහතින්,

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපහසුතාවයට පත් කළ නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වී තිබේ.

එම පුවතේ සඳහන් ආකාරයට හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වාහනය ජනාධිපති, අගමැති ආරක්ෂක අංශය විසින් අතරමග නවත්වා පයින් ගමන් කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හට පැවසූ බව යන සිදුවීම සාවද්‍ය පුවතකි. ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එලෙස අපහසුතාවයට ලක් කිරීමක් කිසිදු ලෙසකින් එම අවස්ථාවේ සිදු නොකරන ලදී.

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ පළපුරුදු නිලධාරීන්ගෙන් විශේෂ පුහුණුවකින් යුතුව නිර්මාණය කර ඇති විශේෂ ඒකකයක් වන අතර වෘත්තීයවේදිත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පළවන මෙවැනි පුවත් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද අපකීර්තියට පත් කිරීම, මාධ්‍ය සදාචාරය අගයන සියලු දෙනා වටිනාකමක් නොදෙනු ඇතැයි හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය ලෙස අප විශ්වාස කරමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More