චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිදහස් දින සැමරුමට සහභාගී වීම සම්බන්භයෙන් බොහෝ දෙනෙකු විමතිය පළ කළ ද මේවන විට චන්ද්‍රිකා සහ රාජපක්ෂවරු අතර සමගියක් ගොඩ නැගී ඇති බව වර්තා වේ.
ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතාගේ සමුගැනීමේ සාදයේදී මෙම සමගිය ගොඩ නැගී ඇති බව වාර්තාවේ.
මෙම සාදයට දේශපාලන ක්ෂේත්‍රයේ සියලුම නායකයන් පාහේ සහභාගිව සිටි අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන විටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊට පැමිණ තිබූ ආකාරය දැකගන්න හැකිවිය.
ඒ අනුව මහින්දත්, ශිරන්තිත් ඇතුළට එද්දීම චන්ද්‍රිකා හමුවූ නිසා යම් විරසකයක් තිබුණද මහින්ද සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන “හලෝ මැඩම්…” යනුවෙන් චන්ද්‍රිකාව ආමන්ත්‍රණය කර තිබුණි.
වෙනදා මේ ආකාරයට මහින්ද සිනාසී කතා කළත් ඔරවාගෙන අහක බලාගෙන සිටි චන්ද්‍රිකා මෙදින ඒ සියල්ලම අමතක කොට සිනාසී කියා සිටියේ “ආ… ඕගොල්ලො දැන් ලොකු මිනිස්සුනේ…” යැයි කියායි.මහින්දද ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමින්මය.
“අපි නම් ඉතින් ඒ වගේම තමයි. මැඩම්නෙ ඉතින් ගොඩක් ලොකු මිනිස්සු වගේ හිටියේ…” යනුවෙන් කී මහින්ද චන්ද්‍රිකා සමග තවත් සුළු වේලාවක් කතා කරමින් සිට ඇය සමඟ තනියට සිය බිරිය වූ ශිරන්තිද රඳවා පැමිණ සිටි අනෙකුත් අමුත්තන් සමඟ කතාබස් කිරීමට යන ආකාරයක් දැකගැනීමට ලැබුණා.
ඒ අනුව චන්ද්‍රිකාත්, ශිරන්තිත් බොහෝ වේලාවක් කතාබහේ යෙදී සිටි අතර දකින සියල්ලන්ටම පෙනී ගියේ මේ දෙදෙනා ඉතා කුළුපගුව දැඩි හිතවත්කමකින් යුතුව කතාබස් කරන ආකාරයයි.
එහිදී චන්ද්‍රිකා දිගින් දිගටම කතා කරමින් සිටින බවත්, ශිරන්ති ඊට ඔළුව වනමින් නිහඬව පිළිතුරු දෙන ආකාරයත් දැකගන්නට ලැබුණා.
දෙපාර්ශ්වය අතර හිතවත්කමට මඟපෑදුණේ මේ කතාබහය.
කතාබහේදී ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි..
එහිදී චන්ද්‍රිකා මෛත්‍රි තමන්ට සිදුකළ කුහකකම්, කුඩුකේඩුකම්, යටිකූට්ටු වැඩ පිළිබඳවත්, සිය සොහොයුරා වූ අනුර බණ්ඩාරනායකට කළ දෑ පිළිබඳවත්, අවසානයේදී මහින්දට කළ දෑ පිළිබඳවත් උදාහරණ සහිතව ශිරන්තිව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම මෙහිදී චන්ද්‍රිකා මෙම සංවාදය අවසන් කිරීමේදී විශේෂ වටිනාකමක් ඇති වචන කිහිපයක්ද ශිරන්තිට සඳහන් කර සිටියා. ඒ, “මට දැන් දැනෙනව මෛත්‍රි වගේ මිනිහෙක්ට ජනාධිපතිකමක් අරන් දෙන්න ගිහිල්ල කරගත්ත වැරැද්ද. මම මේ සති දෙක තුනට තේරුම්ගත්තා ගෝඨා වගේ කෙනෙක් අර මනුස්සයාට වඩා දහස් වාරයක් වටිනවා කියලා..” යන්න චන්ද්‍රිකා එහිදී ශිරන්තිට කී අවසන් වචන කිහිපයයි.
ඒ අනුව සමාජ මාධ්‍යවල ඵළ වන්නේ ශිරන්ති මේ චන්ද්‍රිකාගේ වචන සියල්ල මහින්ද රාජපක්ෂ මහතාට ඒ අයුරින්ම පැවැසුවාට සැකයක් නැති බවය. මෙම හමුව නිදහස් දින සහභාගීත්වයට ද හේතු වී ඇති බව වාර්තාවේ.
උපුටා ගැනීමකි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...