දේශීය පුවත්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක එකතුවෙන් නව දෙමළ ජාතික සන්ධානයක් සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 9 දා යාපනයේ හෝටලයකදී සිදු කෙරිණි.

උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්වූ එම දේශපාලන පක්ෂ හතරක නායකයන් නව දෙමළ සන්ධානය ‘දෙමළ ජනතා දේශීය සන්ධානය’ ලෙසින් නම් කොට තිබුණි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ නායක සී. වී. විග්නේෂ්වරන් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, දෙමළ ඊළාම් ස්වයං රාජ්‍ය කලහම් පක්ෂයේ නායිකා ආනන්දි සෂිහරන්, ටෙලෝ සංවිධානයෙන් බිඳී ගොස් නව දෙමළ දේශපාලන සන්ධානයක් බිහිකර ගත් එස්. ශ‍්‍රී කාන්තා යන අය හා එම පක්ෂවල සෙසු පිරිසක් සහභාගි වූහ.

මුල් සාකච්ඡුාවේදී දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මේ සන්ධානය සමග එක්වීමට කැමති බව ප‍්‍රකාශ කොට තිබුණද, අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ඔහු සහභාගි වී නොතිබුණි.

දිනසේන රතුගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More