දේශීය පුවත්

2012 වසරේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටියද ඵලදායී රැුකියාවක් අහිමි සියලූ උපාධිධාරීන් සඳහා රාජ්‍ය අංශයේ රැුකියා ලබාදීමේ වැඩසටහන ලබන මාර්තු මස පළමු වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පෙරේදා (05 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පති‍්‍රකාවකට අනුව එසේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප‍්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදී උපාධිධාරීන්ට රැුකිය ලබා දීම සිදු කර ඇතත් තවදුරටත් දිවයින පුරා ඇතැම් රාජ්‍ය ආයතනවල සැලකිය යුතු පුරප්පාඩු ප‍්‍රමාණයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

ගතානුගතික පරිපාලන සංස්කෘතියෙන් ඉවතට යමින් ජනතාව ඉලක්ක කර ගෙන පවතින ක‍්‍රමවේදයන් ධනාත්මක ලෙස වෙනස් කිරීම සඳහා තරුණ පරපුරේ කුසලතාවන් යොදා ගැනීමට හැකි වන පරිදි උපාධිධාරීන් පනස්දහසකට (50000) ආසන්න පිරිසකගේ දායකත්වය ලබා ගැනීම මෙහිදී රජයේ අරමුණ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සෑම පාසලකම 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයට ‘නායකත්වය’ යන විෂය ඇතුළත් කර එම විෂය ඉගැන්වීම සඳහාත්, වතු පාසල්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන වෙත මෙම උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතව ඇත.

ඔවුන්ට වසරක පුහුණවකින් පසු මුල් පත්වීම ලද ආයතනයේ වසර පහක් සේවය කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ලෙස රාජ්‍ය සේවයේ ස්ථාන මාරු ආදිය ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවද ඇමැතිවරයා කීවේය.

සමන් ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More