වනාතවිල්ලුවේ පුහුණු කඳවුර තුළ පුපුරණ ද්‍රව්‍ය රැස්කළේ සහරාන් හෂීම් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයට පෙර දැන සිටියේ යැයි ජනාධිපති විමර්ශන කොමිසමේදී අද (09) අනාවරණ විය.
කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ , හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකුව සිට මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියෙන් පසු ත්‍රස්තවාදින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ මොහමඩ් රාසික් මොහමඩ් තස්ලින් නැමැති පුද්ගලයායි.
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිදුවීමෙන් පසු ත්‍රස්තවාදින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වු මොහමඩ් රාසික් මොහමඩ් තස්ලින් නැමැත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි විමසීම සදහා අද කැඳවා තිබුනි.
කෙසේ වෙතත් මෙම සාක්ෂීකරුගේ හිසේ දකුණු පසට එල්ල වී තිබු වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ වම් අත සහ කකුළ අක්‍රියවී ඇති හෙයින් අද දින සාක්ෂි වීමසීම සඳහා ගෙනවිත් තිබුණේ රෝද පුටුවක අධාරයෙන්.
එසේම සාක්ෂි ලබාදීමේදිද මෙම සාක්ෂිකරුට රෝගින් රඳවන ඇඳක අඩක් හානි වී සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසම විසින් පහසුකම් සලසා තිබුණි.
එහිදි සාක්ෂිකරු 2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවු මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියෙන් පසු එම ප්‍රහාරයයේ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ ෂාහිඩ් අත් අඩංගුවට ගැනීමේ පරීක්ෂන සදහා තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහය දුන් බව ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක මාරසිංහ විසින් 2019 ජනවාරි මස 16 වන දින පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු සොයායාමට තමන් සම්බන්ධ කරගත් බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
පසුව පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම සමඟ තමන් මුෆීස් නැමැත්තෙකු සොයා පුත්තලම ප්‍රදේශයේ සංචාරය කළ බවත් එහිදි ලද තොරතුරකට අනුව වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වුණ බවද සාක්ෂිකරු කියා සිටියේය.
සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ එම ස්ථානයට ඇතුළු වන අවස්ථාවේදි පුද්ගලයින් දෙදෙනෙකු එහි කිසියම් දෙයක් වලලමින් සිටි බවක් තමන්ට දකින්නට ලැබුණු අතර විමර්ශන වලදි හෙළිව තිබු කරුණු අනුව ඉන් එක් අයෙකු මුෆීස් නැමැත්තා ලෙස හදුනාගත් බවයි.
එහිදි සිදුකළ විමර්ශන වලදි සාහිද් සහ ෂාහිඩ් යන අය මීට පෙර අවස්ථා කිහිපයකදි මෙම ස්ථානයට පැමිණ ඇති බව තහවුරු වු බවද සාක්ෂිකරු කියා සිටියේය.
එහිදි එම ස්ථානයේ තිබි සපත්තු ජොඩු දෙකක් සහ ඇදුම් කිහිපයක් හමු වු බවද තමන් ඒවා සාහිද් සහ ෂාහිඩ්ගේ දැයි විමසු අවස්ථාවේදි මුෆීස් විසින් ඒවා ඔවුන්ගේ බව පිළිගත් බවද සාක්ෂිකරු සඳහන් කළේය.
එහි අල්මාරියක් සොදිසි කළ අවස්ථාවේදි එහි තිබි කුරාණයක්, බල්බ් සෙට් 06ක්, ඩෙටනේටර් 99ක්, කුඩාරම් හට් 3ක්, මාලිමාවක් සහ ඩිජිටල් කැමරාවක් හමුවු බවද සාක්ෂිකරු විසින් කොමිසම හමුවේ අනාවරණය කළේය.
සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේ එහි ගොඩනැගිල්ලක් පිටුපස පරික්ෂාවට ලක්කිරීමෙදි කලු පැහැති කැන් 10ක් හමුවු අතර ඉන් එකක් හිස්ව පැවතියද අනෙක් 09හිම ඇසිඩ් තිබි හමුවු බවයි.
ඉන් අනතුරුව පරික්ෂක කණ්ඩායම එම ඉඩමට ඇතුළු වන අවස්තාවේ මෙම පුද්ගලයින් විසින් කිසියම් යමක් වලලමින් සිටි ස්ථානය පරීක්ෂාවට ලක්කළ බවත් එහි තිබි ලීටර් 250 ප්‍රමාණයේ නිල් පැහැති බැරල් 03ක් හමුවු අතර එවායේ අභ්‍යන්තරයේ සුදු පැහැති කුඩු වර්ගයක් තිබෙනු තමන් දුටු බවද සාක්ෂිකරු අණාවරණය කළේය.
කෙසේ අත් අඩංගුවට ගත් සැකකරු එහිදි සඳහන් කළේ මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ සාහිද්ට සහ ෂාහිඩ්ට අයත් බවත් තමන් විසින් මෙම ඉඩම බදු දි ඇති බවයි.
මෙහිදි පොලිස් පරීක්ෂක මාරසිංහ විසින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර දුරකථනයෙන් අමතා මෙම ස්ථානයේ තිබි පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හමුවු බවද එවා සී ෆෝ බවට සැක කරන බව පැවසු බවද සාක්ෂිකරු අණාවරණය කළේය.
සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ පසු දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා එම ස්ථානයට පැමින නිරීක්ෂන කිරීමෙන් පසු සැකකරුවන් සිව්දෙනා අත් අඩංගැවට ගෙන පුත්තලම පොලිසියට භාර දුන් බවයි.
රජයේ අධි නීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ අවි ආයුධ තොගයක් එම ස්ථානයේ තිබී හමුවුයේ නැද්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ අවි ආයුධ හමුවුයේ එම ඉඩමේ කොනක පිහිටි ගොවිපලෙන් බවයි.
මෙම විමර්ශනයන් අතරතුර පොලිස් පරීක්ෂක මාරසිංහ විසින් මෙම සිදුවීම් වලට සහරාන් හෂිම් සම්බන්ධ බව සාක්ෂිකරු දැනුවත් කළේද යන්න ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුර දෙමින් සාක්ෂිකරු සඳහන් කලේ අදාළ විමර්ශනය සිදුකළ දිනයේ පොලිස් පරීක්ෂකවරයා තමන්ට එවැනි තොරතුරක් දැනුම් නොදුන්නද ඉන් දින කිහිපයකට පසු මෙම සමස්ථ ක්‍රියාදාමයම මෙහෙයවන්නේ සහරාන් නැමැත්තෙකු විසින් බව ඡායාරූපයක්ද පෙන්වමින් සදහන් කළ බවයි.
කෙසේ වෙතත් තමන්ට මෙම විමර්ශනයන්ට සහයෝගය දීම හේතුවෙන් 2019 මාර්තු මස 08 වන දින වෙඩි ප්‍රහාරයකට ලක්වීමට සිදු වු බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
පැය හතරකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දීමෙන් පසු සාක්ෂිකාර මොහමඩ් තස්ලින්ව ජනාධිපති කොමිසමෙන් පිටතට රැගෙන ගියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...