කොරා්නා වෛරසය විසින් ඇතිකර තිබෙන ගෝලීය මූල්‍ය අවිනිශ්චිතතාව කොළඹ කොටස් වෙළෙඳපොළට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
ඔවුන් පවසන ආකාරයට පසුගිය සතියේ දී විදේශිකයන් විශාල පිරිසක් සිය කොටස් අලෙවි කොට කොළඹ කොටස් වෙළෙඳපොළින් බැහැරව ගොස් ඇත.
මෙලෙස රුපියල් බිලියන 3.3 ක පමණ වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් පසුගිය ගෙවුණු මාසයක කාලය ඇතුළත විදේශිකයන් විසින් විකුණා දමා ඇත. එම දින තිහෙන් අවසන් දින 07 ඇතුළත මෙම තත්ත්වය ඉහළ ගොස් ඇති අතර ඉදිරි සතියක කාලයේදී විදේශිකයන් සතු කොටස් අලෙවියේ ඉහළ යෑමක් අපේක්ෂා කෙරේ.
නවතම ආර්ථික විශ්ලේෂණ වාර්තාවලට අනුව ඔස්ට්‍රේලියානු, ජපාන, ඉන්දියානු, මැලේසියානු, සිංගප්පූරු, තායිවාන, ඉන්දුනීසියානු, පිලිපීන, දකුණු කොරියා, හොංකොං සහ ප්‍රධාන වශයෙන් චීන යන ප්‍රධාන ආසියානු කොටස් වෙළෙඳපොළ 12ක් කොරෝනා වෛරසය හේතුවෙන් දුර්වල වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහි බලපෑම සෘජුවම මෙරට කොටස් වෙළෙඳපොළට එල්ලවීම නොවැළැක්විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...