ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කරගත් එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරයක් මේ වන විට පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
එවැනි තත්ත්වයක් මත ඉදිරි මහ මැතිවරණයේදී විකල්ප ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට හෝ වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිදුවනු ඇති බව එම පක්‍ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ සන්ධානයක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්‍ෂ සමග ඒකාබද්ධව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැමැත්තෙන් සිටින බවයි.
එහෙත් එකඟතා අනුව යෝජිත සන්ධානයේ නිසි තැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබාදීමට පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙකුගෙන් අකැමැත්ත ප්‍රකාශ වෙමින් ඇති බවද ඔහු පැවසීය.
එහෙත් ලක්‍ෂ 15ට වැඩි ඡන්ද පදනමක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නිසි තැන හිමි විය යුතු බවත්, එසේ නොවන්නේනම් තනි පක්‍ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සිදුවන බවත් රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.
කෙසේ වෙතත් කවර තත්ත්වයක් යටතේ හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...