අමාත්‍ය පෞද්ගලික කාර්යමණ්ඩලවලට අයත් නිලධාරීන්ට කිසිදු රාජ්‍ය ආයතනයක මූල්‍ය කටයුතු සඳහා සම්බන්ධ නොවන ලෙස නියෝග නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් සියලුම ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති බව වාර්තාවේ.
අමාත්‍ය පෞද්ගලික කාර්යමණ්ඩලවල කටයුතු කරන ඇතැම් නිලධාරීන් තමන් කටයුතු කරන අමාත්‍යාංශවලට අයත් ආයතනවල මෙන්ම වෙනත් ආයතනවල මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ සිද්ධීන් පිළිබඳව වාර්තා වී ඇති බවද දැනගන්නට ඇති අතර පෞද්ගලික කාර්යමණ්ඩලවල ඇතැම් නිලධාරීන් ටෙන්ඩර් කටයුතුවලදීත් මැදිහත්වීම් සිදුකර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.
අමාත්‍යාංශයක මුදල් පිළිබඳ ගණන්දීමේ නිලධාරියා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා යි.ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා හැරෙන්නට අදාළ අමාත්‍යාංශයේ වෙනත් නිලධාරියකුට ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව කිසිදු නියෝගයක් කළ නොහැකි අතර අමාත්‍යාංශයක අමාත්‍ය පෞද්ගලික කාර්යමණ්ඩලයේ නිලධාරියකුට මුදල් පිළිබඳ නියෝග ලබාදීමේ කිසිදු අයිතියක් නොමැති බැවින් මේ සම්බන්ධයෙන් ඇමැති පෞද්ගලික කාර්යමණ්ඩලවල සියලුම සාමාජිකයන් දැනුවත් කිරීමටද නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
හොර ගුහාවක්